
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වසර අගදී උතුරු කොරියානු නායක කිම් ජොං උන් හමුවීමට කැමැත්ත පල කර තිබේ.
කෙසේ වෙතත්, නායකයන් දෙදෙනා අතර ඉතා හොඳ සබඳතාවක් පැවතියද, එවැනි හමුවක් පැවැත්වීම සඳහා උතුරු කොරියානු පාලනය විසින් දැඩි කොන්දේසි පනවනු ඇති බව පෙන්නුම් කරමින් උතුරු කොරියාවෙන් ඊට ලැබී ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.
මේ සතිය මුලදී, උතුරු කොරියාවට සතුරු ක්‍රියාවක් බව පවසමින් ට්‍රම්ප් දකුණු කොරියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ ඇමෙරිකානු යුද අභ්‍යාස හදිසියේම සීමා කිරීමට පියවර ගත්තේය.
අනතුරුව පසුගිය බදාදා ඔහු ප්‍රකාශ කළේ මෙම වසර අගදී තමා කිම් හමුවීමට අපේක්ෂා කරන බවයි.
ඇමෙරිකානු සහ දකුණු කොරියානු නිලධාරීන් අතර පැවැති සාකච්ඡා පිළිබඳ තොරතුරු දන්නා ආරංචි මාර්ගයකට අනුව, උතුරු කොරියාව සමඟ නැවත සාකච්ඡා ආරම්භ කිරීමටත්, ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණයක් අත්කර ගැනීමටත් ට්‍රම්ප් දැඩි උනන්දුවකින් පසුවෙයි.
ඉරාන යුද්ධය ආරම්භ වී මාස හයකට ආසන්න කාලයක් ගතවී තිබුණද එහි නිමාවක් පිළිබඳ ක්ෂණික බලාපොරොත්තුවක් නොමැති අතර, රුසියා-යුක්රේන යුද්ධයේදී රුසියාවට සහාය වීම සඳහා උතුරු කොරියාව විසින් හමුදා භටයන්, මිසයිල ඇතුළු යුද උපකරණ යවා තිබියදී පවා ට්‍රම්ප් මෙලෙස උතුරු කොරියාව වෙත සුහදතාව පළකිරීම විශේෂත්වයකි.
ඇමෙරිකාව සමඟ පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාස සීමා කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු නිලධාරීන් තුළ තවමත් සැක සංකා පැවතියද, ට්‍රම්ප්ගේ මෙම උපායමාර්ගික ප්‍රවේශය කෙරෙහි දකුණු කොරියාව පෞද්ගලිකව යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, මෙම වසර අගදී ෂෙන්ෂෙන් හි පැවැත්වීමට නියමිත ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) රාජ්‍ය නායක සමුළුවට ට්‍රම්ප් සහභාගී වීමට ඉඩ ඇති අතර, උතුරු කොරියාව නැවත සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වුවහොත් මෙම කලාපය තුළදී නායකයන් දෙදෙනා අතර හමුවක් පැවැත්වීමට එයින් අවස්ථාව සැලසෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart