
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපදයේ පැවැති 2020 මැතිවරණය පෙරළා දැමීමේ ප්‍රයත්නයන් සම්බන්ධ අපරාධ චෝදනාවලට මුහුණ දී සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්ත බළධාරීන්ට භාර වී ඇත.
2020 මැතිවරණ තරගයේ දී ඔහුගේ පරාජය වෙනස් කිරීම සඳහා සාපරාධී කුමන්ත්‍රණයක් පවතින බවට චෝදනා කර ඇති ජෝර්ජියා මැතිවරණ නඩුවේ, චෝදනා ලැබූ 19දෙනා අතරින් 12 වැනියා ඩොනල්ඩ් ට්‍රම්ප් වේ.
යටත්වීමට ලබා දී තිබූ කාලයෙන් දිනකට පෙර ඔහු නිව්ජර්සි හි ෆුල්ටන් ප්‍රාන්තයේ බන්ධනාගාරය වෙත ගොස් භාරවී තිබේ.
එම ක්‍රියාවලිය සදහා විනාඩි 20ක් පමණ ගත ව ඇති අතර, එහිදී ඩොලර් 200 000 ක් බැදුම් කර ගිවිසුමක් මත ඔහු නිදහස් කළ බව වාර්තා වේ.
ගුවන් තොටුපොළින් පිටව යන විට ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වැරදි ප්‍රතික්ෂේප කරමින් 2020 මැතිවරණයේ දී පරාජයට අභියෝග කිරීමට තමාට අයිතියක් ඇති බවට අවධාරණය කළ බව වාර්තා සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart