
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව අංක එකේ ධනවතා මෙන්ම කලක් සිය සමීපතම සගයා වූ ඊලෝන් මස්ක් අමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ ට්‍රම්ප්ගේ ඉඟි පළකිරීමක් පිළිබඳ විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
79 හැවිරිදි ට්‍රම්ප් ඉකුත් අඟහරුවාදා ෆ්ලොරිඩාවේ ‘ඇලිගේටර් ඇල්කැට්රාස්’ ලෙස නම් කරන ලද නව සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීමට යන විට මෙම අදහස් පළකර තිබිණි.
එහිදී ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මස්ක් සමබන්ධයෙන් දැඩි ප්‍රකාශයක් සිදුකළ ට්‍රම්ප් මේ බව පැවසීය.
2002 සිට එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ඇති මස්ක් පිටුවහල් කිරීම ගැන සළකා බලන්නේ දැයි එහිදී ජනමාධ්‍යවේදීන් ට්‍රම්ප්ගෙන් විමසා තිබිණි.
ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ “අපිට ටිකක් සළකා බලන්න වෙනවා” යනුවෙනි.
මස්ක්ගේ ස්පේස් එක්ස් රොකට් සහ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල ව්‍යාපාරවලට එක්සත් ජනපද රජයෙන් ලැබෙන විශාල කොන්ත්‍රාත්තු සහ සහනාධාර එහිදී ඉලක්ක වියහැකි බව ද ට්‍රම්ප් පැවසුවේය.
“අපිට ඊලෝන් මත DOGE ක්‍රියාත්මක කිරීමට සිදු විය හැකියි. DOGE යනු කුමක්දැයි ඔබ දන්නවාද? DOGE යනු ආපසු ගොස් ඊලෝන්ව කාදැමිය හැකි රාක්ෂයා” යනුවෙන් ද ට්‍රම්ප් මස්ක්ට අනතුරු අගවා තිබේ.
කෙසේවෙතත් ට්‍රම්ප් පසුව පවසා තිබුණේ මස්ක් තමන් සමග එම ක්‍රීඩාව කළ යුතු යැයි තමන් නොසිතන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart