
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම සඳහා විකල්ප පරාසයක් පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා කරමින් සිටින අතර, එයට හමුදාව භාවිත කිරීම ද ඇතුළත් බව ධවල මන්දිරය පැවසීය.
බීබීසී සේවය වෙත අදහස් දක්වමින් ධවල මන්දිරය පවසා ඇත්තේ, නේටෝ සාමාජික ඩෙන්මාර්කයේ අර්ධ ස්වයං පාලන කලාපයක් වන ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවයක් බවයි.
ට්‍රම්ප්ගේ මෙම යෝජනාවට විරෝධය පළකරමින් සහ ඩෙන්මාර්කයට සහාය පළකරමින් යුරෝපා නායකයන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව ධවල මන්දිරය මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
ආරක්ෂක හේතූන් මත එක්සත් ජනපදයට ග්‍රීන්ලන්තය අවශ්‍ය බව ට්‍රම්ප් ඉකුත් සති අන්තයේ පැවසූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඩෙන්මාර්ක අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් අනතුරු අගවා තිබුණේ, එක්සත් ජනපදයේ ඕනෑම ප්‍රහාරයක් නේටෝවේ අවසානය සනිටුහන් කරන බවටයි.
කෙසේවෙතත් ධවල මන්දිරය පවසා ඇත්තේ, මෙම වැදගත් විදේශ ප්‍රතිපත්ති ඉලක්කය සපුරා ගැනීම සඳහා, විකල්ප පරාසයක් පිළිබඳව ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සාකච්ඡා කරමින් සිටින අතර, ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපද හමුදාව භාවිත කිරීම යනු සැමවිටම අණදෙන නිලධාරියාගේ අභිමතය පරිදි පවතින විකල්පයක් බවයි.
කෙසේවෙතත් ග්‍රීන්ලන්තය එහි ජනතාවට අයත් වන අතර, ඔවුන්ගේ සබඳතාවලට අදාළ කරුණු තීරණය කළ හැක්කේ ඩෙන්මාර්කයට සහ ග්‍රීන්ලන්තයට පමණක් බව එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ ඩෙන්මාර්කය යන රටවල නායකයින් අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart