
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වේලාවෙන් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ හමුවට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන වැසියන්ගේ බලාපොරොත්තු බිඳහෙළා තිබේ.
ඒ, ඔහුගේ Truth Social ගිණුමේ සටහනක් තබමිනි.
ඒ අනුව ට්‍රම්ප් පවසාඇත්තේ, යුක්රේන ජනාධිපතිවරයාට අවශ්‍ය නම් රුසියානු යුද්ධය අවසන් කළ හැකි බවයි.
එහෙත් ඒ සඳහා එළඹෙන සාම ගිවිසුමක කොටසක් ලෙස යුක්රේනය නේටෝවට ඇතුලු කර ගැනීමක් සිදුනොවන බව ද ට්‍රම්ප් පවසා තිබේ.
සෙලෙන්ස්කිට එවැනි අවශ්‍යතාවක් නොවන්නේ නම් ඔහුට සිදුවනුයේ අඛණ්ඩව රුසියාව සමග යුද්ධ කිරීම බව ද ට්‍රම්ප් පවසා ඇත.
එමෙන්ම ට්‍රම්ප් පවසා ඇත්තේ, රුසියාව යුක්රේනයට එරෙහි පූර්ණ පරිමාණ ආක්‍රමණය දියත් කිරීමට වසර 08 කට පෙර එනම්, 2014 දී රුසියාව විසින් නීතිවිරෝධී ලෙස ඈඳාගත් ක්රිමියානු අර්ධද්වීපය ද යුක්රේනයට යළි හිමිනොවන බවයි.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඇලස්කාවේදී ඉකුත් සිකුරාදා රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සමඟ පැවැති සමුළුවෙන් අනතුරුව සිදුකිරීම විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart