April 26, 2026

ඉරානය සමඟ පවතින ගැටුමට අදාළ සාකච්ඡා සඳහා තානාපතිවරුන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් පාකිස්ථානයේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරයක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවලංගු කර තිබේ.

ධවල මන්දිරය සිකුරාදා නිවේදනය කළේ, මෙම දෙදෙනා සෙනසුරාදා සංචාරය කරන බවයි.

කෙසේවෙතත්, ට්‍රම්ප් පසුව සංචාරය අවලංගු කළ බව ප්‍රකාශ කරමින් සිය Truth Social ගිණුමේ මෙසේ සටහන් කර ඇත. “සංචාරය කිරීම සඳහා ඕනෑවට වඩා කාලය නාස්ති වී ඇති බවත්, ඕනෑවට වඩා වැඩකරන බවත් කිවයුතුය”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “අපට සියලු තුරුම්පු තිබේ, ඔවුන්ට කිසිවක් නැත! ඔවුන්ට කතා කිරීමට අවශ්‍ය නම්, ඔවුන් කළ යුත්තේ ඇමතුමක් ගැනීම පමණයි.”

යුද්ධය අවසන් කිරීමට හැකි රාමුවක් පිළිබඳ ඉරානයේ ස්ථාවරය ඉදිරිපත් කළ බව ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කිරීමෙන් පසු මෙම අදහස් පළවිය.

එක්සත් ජනපදය රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳව සැබවින්ම බැරෑරුම් දැයි තමා තවමත් බලාසිටින බව ද අරග්චි පැවසීය.

කෙසේවෙතත්, සංචාරය අවලංගු කිරීම වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ආතතීන් අඩු කිරීම අරමුණු කරගත් රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන්ට තවදුරටත් අවිනිශ්චිතතාවයක් එක්කරයි.