
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද රාජ්ය ලේකම් මාර්කෝ රුබියෝ කියුබාවට ඊයේ නැවත අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කරන්නේ එක්සත් ජනපදය විසින් හමුදා මෙහෙයුමකින් වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමේ සිද්ධියෙන් දිනකට පසුය.
NBC News හි Meet the Press වැඩසටහනේ දී අදහස් දක්වමින් රුබියෝ පැවසුවේ කියුබාවේ නායකත්වය බරපතළ ප්රතිවිපාකවලට මුහුණ දී සිටින බවයි.
කියුබාව මදුරෝගේ රජයට සහාය දෙන බවට ද ඔහු චෝදනා කළේය.
“ඔවුන් කරදර ගොඩක ඉන්නේ,” යනුවෙන් රුබියෝ පැවසීය.
කෙසේවෙතත් එක්සත් ජනපදය විසින් ඊළඟට ගත හැකි ක්රියාමාර්ග ඔහු විස්තර කළේ නැත.
“මේ සම්බන්ධයෙන් අපගේ ඉදිරි පියවර මොනවාද සහ අපගේ ප්රතිපත්ති කුමක් වනු ඇත්ද ගැන මම කතා කරන්න යන්නේ නැහැ,” ඔහු තවදුරටත් පැවසීය.
“නමුත් අපි කියුබානු පාලන තන්ත්රයේ ලොකු රසිකයන් නොවන බව අභිරහසක් කියලා මම හිතන්නේ නැහැ, ඔවුන් මදුරෝට මුක්කු ගහපු අය.” යනුවෙන් ද ඔහු පැවසීය.
වෙනිසියුලාවේ එක්සත් ජනපද මෙහෙයුම ට්රම්ප් පරිපාලනය විසින් හඳුන්වා තිබුණේ මදුරෝගේ පාලනයට එරෙහි තීරණාත්මක පියවරක් ලෙසයි.
එම සිද්ධියෙන් පසු කලාපයේ ආතතීන් උග්ර වී ඇති පසුබිමක රුබියෝ මෙම ප්රකාශය සිදු කළේය.
කියුබාව ඉලක්ක කරගත් කිසිදු නිශ්චිත පියවරක් එක්සත් ජනපද නිලධාරීන් ප්රකාශයට පත් කර නොමැති අතර, රුබියෝගේ අදහස්වලට කියුබානු රජය ප්රසිද්ධියේ ප්රතිචාර දක්වා නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart