
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගම (IOC) විසින් ඩොලර් මිලියන 183 ක පමණ ආයෝජනයකින් ත්‍රිකුණාමලය ඉන්ධන ගබඩා ටැංකි නැවත සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර ගිවිසුම ඉදිරි මාස තුන තුළ අත්සන් කිරීමට නියමිත බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවන්ට අනුව IOC සමගම මෙම ගනුදෙනුවේ 49% ක කොටස් ලබා ගන්නා අතර, ඉන්දීය රුපියල් මිලියන 15,000 (ඩොලර් මිලියන 183) ක ආයෝජනයකින් ත්‍රිකුණාමල ටැංකි නැවත සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටී.
ගනුදෙනුවේ ඉතිරි 51%ක කොටස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සතුව පවතිනු ඇත.
2022 ජනවාරි මාසයේදී LIOC, CPC සහ ශ්‍රී ලංකා රජය ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා බදු ගිවිසුම් තුනකට අත්සන් තැබීය.
පසුගිය වසරේ අත්සන් කළ ගිවිසුමට අනුව LIOC පාලනය යටතේ පවතින තෙල් ටැංකි 14ක දැනට පවතින බදු දීමනාව තවත් වසර 50කින් දීර්ඝ කර ඇති අතර, තෙල් ටැංකි 24ක් තෙල් සංස්ථාව විසින් ස්වාධීනව සංවර්ධනය කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart