
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉකුත් දා බලපෑ භූකම්පනය හමුවේ මියන්මාරයේ හදිසි සහන සැලසීමේ මෙහෙයුම සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම එම මෙහෙයුම් සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව අද දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් නසීර් මජීඩ් විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ආපසු පැමිණෙන මානුෂීය සහන සේවා කණ්ඩායම පිළිගනු ලැබූ බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මේ මස මුලදී මියන්මාරයට බලපෑ ප්‍රභල භූමිකම්පාවෙන් විපතට පත්වූ ජනතාව සඳහා කඩිනම් සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි මෙම විශේෂ ත්‍රිවිධ හමුදා කණ්ඩායම අප්‍රේල් 5 වැනි දින මියන්මාරය බලා පිටත්ව යනු ලැබීය.
මෙම මෙහෙයුම ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ සමීප අධීක්‍ෂණය යටතේ සම්බන්ධීකරණය කරන ලද අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ විසින් මෙම කටයුතු මෙහෙයවන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, සහන කණ්ඩායම මියන්මාරයට ළඟාවූ දිනයේම, යැංගොන් සිට කිලෝමීටර් 450කට ආසන්න දුරින් පිහිටි Nay Pyi Taw පළාතේ සහන මෙහෙයුම් සඳහා යෙදවූ බවයි.
ඔවුන් භූමිකම්පාවෙන් දැඩි ලෙස බලපෑමට ලක්වූ ප්‍රදේශයක් වන මියන්මාරයේ පොබ්බ තිරි නගරයේ තීරණාත්මක ආපදා සහන මෙහෙයුම් සඳහා ද සහභාගී වී තිබේ.
අවතැන් වූ ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් එම කණ්ඩායම ජංගම වෛද්‍ය සායන ස්ථාපිත කර තිබිණි.
ඒ ඔස්සේ තුවාලවලට ප්‍රතිකාර කිරීම, රෝග පැතිරීම වැළැක්වීම සහ ආරාම සහ තාවකාලික නිවාසවල පදිංචිව සිටින කාන්තාවන් සහ ළමුන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල වෛද්‍ය සහන අවශ්‍යතා සඳහා සහායවීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart