
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩෙංගු ව්‍යාප්තිය නිසා මොරටුව විශ්වවිද්‍යාලය වසාදැමූ බව පසුගියදා වාර්තා විය.
අනතුරුව පරිසරය පිරිසිදු කිරීමට බව පවසමින් විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ ඇති ශාඛ රැසක් කපාදැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් මහාචාර්ය රංගික හල්වතුර තබා ඇති සටහනක් පහතින් දැක්වේ.
‘ගොඩදෙනෙක් කියන විදියට අද ලංකාවේ ඩෙංගු epidemic (වසංගත) තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වෙලා. මුළු ලංකාවම ඩෙංගු වෙලාගෙන ඉවරයි. ඉතින් මේ වසංගත තත්ත්වය වෙලාවේ මොරටුවේ අපිට නිකන් බලන් ඉන්න බැහැ.
රටම එක මිටට, එක පෙළට ඩෙංගු මර්ධනයට සැරසෙන කොට, මොරටුවේ අපිත් විශ්වවිද්‍යාලයක් විදියට හරි හරියට වැඩ. විශ්වවිද්‍යාලය හදිස්සියේ වැහුවේ ඩෙංගු මුලින්ම ගලවලා දාන්න.
මොරටුව කියන්නේ ලංකාවේ සුපිරිම වැඩ්ඩෝ ඉන්න තැනක් කියන එක ආයෙත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අලුත් අලුත් පර්යේෂණ කරන්න උපන්ගෙයි හැකියාව තියෙන මොරටුවේ පරිපාලනයත් අපේ නම්බුව තවත් වැඩි කරන්න මෙදා පාර නම් දෙපාරක් හිතන්නේ නැතුව, ඩෙංගු වල මුලම හොයාගෙන දෙනවා වැඩේ.
අපි දැනට හොයාගෙන තියෙන කරුණු වලට අනුව ඩෙංගු වලට ප්‍රධානම හේතුව ලංකාවට මහා විනාසයක් වෙලා තියෙන 19–20% විතර තියෙන වන වගාව. ඊටත් වඩා කැලෙන් මෙහා තියෙන 10–15% විතර තියෙන මේ ශාක වැස්ම.
ඉතින් මේ කරුමය නැති කරනකම්, ඩෙංගු මඩිනවා බොරු.
රටම ආදර්ශයක් වෙමින්, ඔන්න අපි වැඩ පටන් ගත්තා. ඇත්තටම මේක අපි පටන් ගත්තේ අද ඊයෙම නෙමෙයි. මුලින්ම විශ්වවිද්‍යාලයට වගේම රටටම මහම හෙනයක් වෙලා තිබුණු කජු කැලේ කපලා. ඊට පස්සේ තැනින් තැන ටික ටික කැපුවට, මේ වසංගතය මුලින්ම ගලවන්න නම් ඉතුරු වෙලා තියෙන ගස් ටික කපන්නම වෙනවා.
මේ අපි සාර්ථකව රටේ ඩෙංගු වසංගතය මඩින්න මේ දවස් දෙක තුනට දායක වෙච්ච හැටි. තව ලකුණු කරලා තියෙනවා. හෙට අනිද්දට අයින් කරන්න.
ඒ ඔක්කොම අයින් කළාම මොරටුවේ ගසුත් නැහැ. ඩෙංගුත් නැහැ. ආයෙත් හිතේ කහටක් නැතුව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පටන් ගන්න පුළුවන් මෝරා දේවයන් වහන්සේට පිං සිද්ධ වෙන්න. බය වෙන්න එපා, ඕනෑම වුණොත් සල්ලි දීලා ආයෙත් Rootball ගස් ටිකක් ගෙනල්ලා ඉන්දනවා ඔහේ.
මේ පිනෙන්, මේ මහා මොළ විතරක් නෙමෙයි, මේ මොළ මෙලොවට ගෙනාපු ඒ උත්තමයන්ගේ දෙමව්පියනුත් නිවන් දකින්න ඕනේ. බුදුන් දකින්න තවත් පෙරුම් පුරන්නෙ නැතුවම.
අනේ සාදු…..!’

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart