
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සීගිරිය රක්ෂිතයේ ගස් ගලවා හෝටල් ව්‍යාපෘතියකට විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් ඊයේ ව්‍යර්ථ කර තිබේ.
වැටළීමේදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන හෝටල් භූමියක සිටුවීම සඳහා ගෙඩිගස්වලාන ප්‍රදේශයට ප්‍රවාහනය කර තිබූ ප්‍රදේශයට ආවේණික වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයක් වන බොල්පාන ගස් විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ගස වටා පස් හාරා මූල පද්ධතියට හානියක් නොවන පරිදි එය උදුරා, නැවත සිටුවීම සඳහා ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, ඔවුන්ට සීගිරියට ඔබ්බෙන් වූ ගෙඩිගස්වලාන ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ඉදිකරමින් තිබූ හෝටලයක හිමිකරුවන්ගෙන් ගසකට රුපියල් 1500 බැගින් ලැබුණු බව අනාවරණය වී ඇත.
සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart