
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන්ට සහ පවුලේ අයට ඍජු තර්ජන එල්ල වී ඇතැයි මහාභාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.
පසුගිය 18 වැනිදා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න වෙත ලිපියක් යවමින් මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
පුද්ගලයන් දෙදෙනෙක්ගේ මෑත කාලීන ප්‍රකාශ හේතුවෙන් තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට බරපතළ ජීවත තර්ජන සිදුවිය හැකි බව එම ලිපියෙහි සඳහන් කර තිබේ.
සැප්තැම්බර් 15 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැති මූල්‍ය බංකොලොත්භාවයට හේතුව සොයාබැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ කමිටුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හේතුවෙන් මේ තර්ජන එල්ල වී ඇතැයි සඳහන් වේ.
භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා සැප්තැම්බර් 18 දා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වෙත සිය ලිපියේ සඳහන් කර ඇත්තේ, “මෑතකදී පුද්ගලයන් දෙදෙනකුගේ හැසිරීම හේතුවෙන් මට සහ මගේ පවුලේ සාමාජිකයන්ට සිදුවිය හැකි බරපතළ ජීවිත තර්ජන පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මෙම ලිපිය ලියනු ඇත” යනුවෙනි.
වගකිවයුතු බලධාරීන්ගේ උපදෙස් මත තමා විසින් කළ නිල කටයුත්තක් වන ණය ස්ථාවරනට කළ තමන්ට සහ මහබැංකු අධිපතිවරයාට එරෙහිව මෙහිදී අභූත චෝදනා කළ බව ලේකම්වරයා සඳහන් කරයි.
තමන්ගේ පදිංචිය පිළිබඳ මහජනතාව දැනුවත් කරන ලෙසත්, අදාළ දෙදෙනා(අජිත් නිවාඩ් කබ්රාල් සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පැමිණි මන්ත්‍රීවරයා) කළ ඉතා බරපතළ ප්‍රකාශය තුළින් තමාට සහ පවුලේ අයට තර්ජන එල්ල වන බවට ලිපියේ සඳහන් කර ඇත.
මෙම ප්‍රකාශ හේතුවෙන් තමාගේත් පවුලේ සමාජිකයන්ගේත් ජීවත වලට සහ නිවසට යම් අයහපත් සිදුවීමක් වුවහොත් එහි වගකීම මෙම පුද්ගලයන් දෙදෙනා යුතු බව ලේකම්වරයා වැඩිදුරටත් එම ලිපියෙහි සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart