
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයින පුරා අබලන් තත්ත්වයට පත්වූ අවදානම් පාලම් 30කට අධික සංඛ්‍යාවක් පවතින බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලමේ තත්ත්වය නිසි පරිදි හඳුනාගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරින් මීට වසර දෙකකට පමණ පෙර එය ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය සැලසුම් සකස්කර ඇති නමුත් ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය සහ රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ඒ කිසිදු සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් යෙදවීමට ප්‍රතිපාදන නොමැති තත්ත්වයක් මතුවුණු බව ඔහු සඳහන් කර ඇත.
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සතුව පවතින සම්පත් ද උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගනිමින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන සඳහා ස්ථාවර පාලම් දෙකක් ඉදිරි මාස 06 තුළ අවසන් කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව ද ඔහු සඳහන් කර තිබේ.
අවදානම් තත්ත්වයේ පවතින මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා ඉදිකර ඇති ගුවන් පාලම් ප්‍රතිනිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව මාස හයක කාල සීමාවක් තුළ නිමකිරීමේ කොන්දේසියට යටත්ව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත භාර දී ඇත.
ඒ අනුව මෙම පදික පාලම්වල අවදානම් තත්ත්වය සළකා තාවකාලික පියගැට පෙළවල් ඉදිකිරීමේ සහ කඩිනමින් පදික පාලම් ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන කටයුතු කරන ලෙස රජයෙන් උපදෙස් ලැබී ඇති අතර, බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන්ව පවතින මගී ගුවන් පාලම වෙනුවට නව ගුවන් පාලමක් ඉදිකෙරෙනතුරු තාවකාලික ප්‍රවේශ පාලමක් ඉදිකිරීමට රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව පසුගියදා කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart