
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියක ගැටී ඇත.
මෙම අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබේ.
ඒ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.
කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගි මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුළුවීමට නොහැකි අතර කොළඹ – මහනුවර මාර්ගය භාවිත කළ හැකිය.
මේ අතර දිවුලපිටියේ සිට ගමන් ගන්නා වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඹ්විට හා වරකාපොළ මාර්ගවලට පිවිස කොළඹ – මහනුවර මාර්ගයට පිවිසිය හැකිය.
මීරිගම අධිවේගි පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළඹ – කුරුණෑගල මාර්ග අංක 5 මාර්ගයට පිවිස ගමන් කළ හැකි බව ද පොලීසිය දැනුම්දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart