April 23, 2025

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.25ට මීරිගම බලා ධාවනය වූ දුම්රිය පස්වරු 17.30 ට පමණ ගම්පහ දුම්රිය ස්ථානයේ පිලීපැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මාර්ග දෙකක් අවහිරවී ඇති අතර, එක් මාර්ගයකින් පමණක් දුම්රිය ධාවන කටයුතු සිදුකරන බැවින් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.