
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ගමන්කරමින් තිබූ දුම්රියක කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ත්‍රිරෝද රථය දුම්රිය හරස් මාර්ගය පසුකරනවාත් සමග දුම්රියේ ගැටී ඇති අතර, ඒ හේතුවෙන් ත්‍රිරෝද රථයේ එන්ජිම ගැලවී මීටර කිහිපයක් ඈතට විසිවී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු හා පසුපස අසුනේ තවත් කාන්තාවක් ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලැබූ දෙදෙනාම අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ රේල් ගේට්ටුව වසා නොතිබූ බව වාර්තා වේ.
ත්‍රිරෝද රථය පදවා ඇත්තේ දුම්රිය ගේට්ටුකරුගේ බාල සොහොයුරෙකු බවද වාර්තා වේ.
කොස්ගම පොලීසිය මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart