
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රේගුව රඳවා ගැනීම හේතුවෙන් පාවිච්චි කළ හා නවීන වාහන 2000 කට වැඩි ප්‍රමාණයක් මාස දෙකක පමණ කාලයකට සිට කොළඹ හා හම්බන්තොට වරායවල ගොඩ ගැසී තිඛෙන බවත්, වාහන විශාල සංඛ්‍යාවක් මෙලෙස වරායේ ගොඩගැසී තිබීම හේතුවෙන් අලුතින් වාහන ගොඩබෑම අසීරු වී තිබෙන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මේ තදබදය හේතුවෙන් හම්බන්තොට වරායට පසුගියදා පැමිණි වාහන රැගත් නැවක් දවස් කීපයක් එහි රැඳී සිට ඇතැයි දැනගන්නට ලැබුණු බව ද ආරංචි මාර්ග පැවැසුවේය.
තෙවැනි පාර්ශ්වයේ රටවල බැංකු ණයවර ලිපි විවෘත කර ඇති ජපන් වාහන රේගුව නිදහස් නොකිරීම හේතුවෙන් රේගුව රඳවා තබාගත් වාහන සංඛ්‍යාව 1000 පසුකර ඇති බවත්, පසුගිය මැයි 27 වැනිදා ආරම්භ වුණු මෙම ගැටලුවට රජය නිසි පිළිතුරක් නොදීම හේතුවෙන් අධිකරණයේ පිහිට පැතීමට ආනයනකරුවන්ට සිදු වූ බවත් කියති.
එම වාහනවලට අයවන ප්‍රමාද ගාස්තුව මේ වනවිට දරාගත නොහැකි මට්ටමක් දක්වා පැමිණ තිබෙන බවත්, ඊට අදාළව ගොනු කර ඇති නඩුව අද (05) කැඳවීමට නියමිත බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
සාමාන්‍ය වාහනයක් සඳහා මේ වනවිට ප්‍රමාද ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ 5 ක් පමණ වී ඇති බව පැවැසේ.
හම්බන්තොට වරායේ සිරවී තිබෙන මෝටර් රථ සඳහා ගෙවනු ලබන ප්‍රමාද ගාස්තු මෙරට රජයට නොලැබෙන බවත්, එම ගාස්තු ලැබෙන්නේ චීන රජයට බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
මෙම වාහන නිදහස් කරගන්නා දිනය වනවිට එකතු වී තිබෙන ප්‍රමාද ගාස්තු වාහන ආනයනය කිරීමේ පිරිවැයට එකතු වනු ඇති බවත්, එය එම වාහනවල වෙළෙඳපොළ මිල ඉහළ යාමට හේතුවක් වනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඉතිරි වාහන 1000 කට වැඩි සංඛ්‍යාව ධාරිතා ගැටලුවක් මත රේගුව රඳවා තබාගෙන සිටින බවත් ඒ පිළිබඳව රේගුව කරන විමර්ශන තවමත් අවසන් නොමැති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.
බදු පිළිබඳ ගැටලුවක් එම විමර්ශනවලට හේතුව වී ඇතැයි ද ඒ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමට හැකියාවක් නැතැයි ද ආරංචි මාර්ග පැවැසුවේය.
මේ සම්බන්ධයෙන් පසුගියදා පැවැති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ රැස්වීමක දී කළ විමසුමක දී නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් දිලිප් සිල්වා ප්‍රකාශ කර සිටියේ, ආනයන කොන්දේසිවලට පටහැනිව මෙරටට ගෙන්වන වාහන නැවත ප්‍රතිඅපනයනය කළ යුතු බවට රජය පැහැදිලි ස්ථාවරයක සිටින බවයි.
තෙවැනි පාර්ශ්වයේ රටවල ණයවර ලිපි විවෘත කර ඇති සහ මුල් ලියාපදිංචිය අවලංගු කිරීමේ අවශ්‍යතා මෙරටට සපුරා නොමැතිව ගෙන්වා ඇති වාහන, පනතේ විධිවිධාන ප්‍රකාරව නැවත ප්‍රතිඅපනයනය කිරීමට රජය තීරණය කර ඇතත් එම තීරණය අධිකරණයේ දී අභියෝගයට ලක්කර ඇති බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කළ නොහැකි බවද එහිදී ඔහු පැවැසුවේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart