
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රේගුව විසින් රේගු ප්‍රකාශන සහ බහාලුම්(කන්ටේනර්) සඳහා සිය නව නිරීක්ෂණ පද්ධතිය දියත් කරන බව නිවේදනය කර ඇත.
මෙම මුලපිරීම ශ්‍රී ලංකා රේගුව විසින් සේවා විධිමත් කිරීමට සහ රටේ වෙළඳ පරිසර පද්ධතියේ කාර්යක්ෂමතාවයට සහාය වීමට ක්‍රියාත්මක කරන වැඩසටහනේ කොටසකි.
මෙම ලුහුබැඳීමේ(නිරීක්ෂණ) පද්ධතිය වෙළඳුන්ට සහ පාර්ශවකරුවන්ට ඔවුන්ගේ භාණ්ඩ නිෂ්කාශන ක්‍රියාවලීන් පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව ලබාදෙයි.
මෙමගින්, රේගු ප්රකාශනවල තත්‍ය කාලීන තත්ත්වය, භාණ්ඩ නිෂ්කාශන තත්ත්වය සහ අදාළ බදු තොරතුරු ඇතුළුව රේගු ප්‍රකාශන පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම් පරිශීලකයන්ට නැරඹිය හැකිය.
තනි පුද්ගල බහාලුම්(කන්ටේනර්) ලුහුබැඳීම සහ වෙළඳුන්ට එකවර එක් එක් බහාලුම්වල තත්ත්වය නිරීක්ෂණය කිරීම සිදුකළ හැකිය.
පරිශීලකයන්ට ඔවුන්ගේ TIN අංකය සහ අදාළ CusDec අංකය භාවිත කිරීමෙන් නොවැම්බර් 6 සිට තත්‍ය කාලීන පදනමින් මෙම තොරතුරු ලබාගත හැක.
අලුතින් දියත්කරන ලද මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ වෙළඳාම පහසු කිරීම, විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ ආර්ථික ප්‍රගතිය ඇති කිරීම සඳහා ඩිජිටල් පරිවර්තනය වැළඳ ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ කැපවීම පිළිබිඹු කරන බව පැවැසේ.
ලුහුබැඳීමේ පද්ධතියට(tracking system) වෙබ් බ්‍රවුසරයක් හරහා ජංගම දුරකථන ඔස්සේ ප්‍රවේශ විය හැකි අතර, ජංගම උපාංගවල යෙදුමක් ලෙස ස්ථාපනය කළ හැකිය. එය ගමනේ යෙදෙන පරිශීලකයන්ට වඩාත් පහසුව ගෙනදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart