
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බැටරි මගින් ක්‍රියාකරවන සෙල්ලම් බඩු දරුවන්ට හානිකර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසයි.
මෙම සෙල්ලම් බඩුවල ලිතියම්, රිදී ඔක්සයිඩ් අඩංගු වන බැවින් දරුවන්ට ඒවා ගිල දැමීමට, කනට හෝ නාසයට දැමීමට හැකිවන අතර, දරුවන් මෙම බැටරි ගිල දැමුවහොත්, විද්‍යුත් රසායනික ක්‍රියාකාරකම් හරහා දරුවාට මාරාන්තික විය හැකිය.
ආහාර මාර්ගයේ පළමු කොටස (ආහාර නාලය) ස්වාභාවිකව පටුවන අතර, මේවා ගිලදැමූ විට හානි සිදුවිය හැකි අතර, බැටරිය ආමාශය දක්වා ගමන් කළ පසු දැඩි හානි සිදුකළ හැකි බව වෛද්‍ය රාජපක්ෂ පවසයි.
මේ හරහා බඩට පවා දැඩි හානි සිදු විය හැකි බවත්, ස්වසන මාර්ගය අවහිර වී ජීවිතය පවා නැති වියහැකි බවත් ඔහු පැවසීය.
කුඩා දරුවකු මෙවැනි අනතුරකට ලක් වූ විට හැකි ඉක්මනින් දරුවා රෝහලකට රැගෙන ආ යුතු බවත්, එතෙක් විනාඩි 10කට වරක් දරුවාට ප්‍රථමාධාර ලෙස පිරිසිදු මී පැණි තේ හැඳි දෙකක් ලබාදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart