
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 සැප්තැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් පියවීමට තිබෙන සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 103,705 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ තොරතුරු අනාවරණය කර ඇත්තේ, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2024 තෙවැනි කාර්තුවට අදාළව නිකුත්කර ඇති ණය වාර්තාව (Debt Bulletin 2024 | Third Quarter) ඔස්සේය.
එම වාර්තාවට අනුව, 2024 දෙවන කාර්තුව අවසානයේ දී මෙම අගය සටහන් වී තිබුණේ ඩොලර් මිලියන 100,656 ක් ලෙසිනි.
ඒ අනුව, 2024 තෙවන කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 3,049 කින් හෙවත් ඩොලර් බිලියන 3කින් වැඩි වී ඇත.
එහිදී දේශීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 57,486 සිට ඩොලර් මිලියන 59,948 ක් දක්වා ඩොලර් මිලියන 2,462 කින් ද, සමස්ත විදෙස් ණය ඩොලර් මිලියන 37,552 සිට ඩොලර් මිලියන 38,268 ක් දක්වා ඩොලර් මිලියන 716 කින් ද ඉහළ ගොස් තිබේ.
මෙම කාර්තුව තුළ දී රජය විසින් ගෙන ඇති සහතිකකරණ ලද ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,618 සිට ඩොලර් මිලියන 5,489 ක් දක්වා ඩොලර් මිලියන 129 කින් අඩු වී තිබීම විශේෂත්වයකි.
මේ පිළිබඳ සාරාංශයක් පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart