
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මැයි 10 සිට 15 දක්වා ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සංචාරය කිරීමට අමතරව ශ්‍රී ලංකාවටද පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දීය සංචාරය අවසන් කරමින් ඩොනල්ඩ් ලූ කොළඹට පැමිණෙන අතර, දේශපාලන නායකයන් සමග සම්බන්ධ වී ශ්‍රී ලංකාව සමඟ එක්සත් ජනපදයේ හවුල්කාරිත්වය තහවුරු කිරීම සැලසුම් කර ඇත.
ඔහුගේ එම සංචාරය එක් එක් රටවල ද්විපාර්ශවික සහයෝගිතාව ශක්තිමත් කිරීමට කරන බවත්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා එක්සත් ජනපදයේ සහයෝගය පෙන්නුම් කරන බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා එක්සත් ජනපදයේ සහයෝගය මෙන්ම, නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් සිවිල් සමාජයක වැදගත්කම පෙන්වා දීම ද එම සංචාරයේ අරමුණු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart