May 23, 2026

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ ඉදිරි 2026 වාරය සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමට (Player Draft) ප්‍රථමයෙන්, විවිධ කණ්ඩායම් (Franchises) විසින් නිල වශයෙන් ගිවිසුම්ගත කර ගන්නා ලද ක්‍රීඩකයන් කවුරුන්ද යන්නLPL සංවිධායකයන් විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව එක් එක් කණ්ඩායම් විසින් දැනට තෝරාගෙන ඇති ප්‍රමුඛ ක්‍රීඩකයන් මෙසේය:

දඹුල්ල සික්සර්ස් (Dambulla Sixers): සහිබ්සාදා ෆර්හාන්, දිනේෂ් චන්දිමාල්, රීසා හෙන්ඩ්‍රික්ස්, දුෂ්මන්ත චමීර

කැන්ඩි රෝයල්ස් (Kandy Royals): වනිඳු හසරංග, මොයින් අලි, ඇන්ජලෝ මැතිව්ස්

ගෝල් ගැලන්ට්ස් (Galle Gallants): දසුන් ශානක, ඊෂාන් මාලිංග

ජැෆ්නා කින්ග්ස් (Jaffna Kings): දුනිත් වෙල්ලාලගේ, භානුක රාජපක්ෂ, ශකීබ් අල් හසන්

කලම්බු කැප්ස් (Colombo Kaps): කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්

කණ්ඩායම්වල ඉතිරි ක්‍රීඩකයන් පිරිස ඉදිරියේදී පැවැත්වීමට නියමිත LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ වටයේදී (Player Draft) තෝරාගැනීමට නියමිතව ඇත.