
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙක් මෙන්ම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමේ වගකීම දරන ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ (ISRO)හි හිටපු සභාපති සහ පද්ම විභූෂණ සම්මානලාභී ආචාර්ය කේ. කස්තුරිරංගන් මෙරට දී හෘදයාබාධයකට ලක්ව ඇත.
පසුව ඔහුව ගුවන් මගින් බැංගලෝර් වෙත රැගෙන ගොස් තිබේ.
බැංගලෝර් වෙත ගෙන යෑමෙන් පසුව Narayana Hrudyalaya රෝහලට ඇතුළත් කර ඇතැයි පැවැසේ.
83 හැවිරිදි ඔහු ස්ථාවර තත්ත්වයෙන් පසුවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ආචාර්යවරයා විද්‍යා සහ අධ්‍යාපන යන අංශ දෙකෙහිම කැපී පෙනෙන චරිතයක් වන අතර, ක්ෂේත්‍ර දෙක සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් ඉන්දියාවේ දෙවන, තෙවන සහ සිව්වන ඉහළම සිවිල් සම්මාන – පද්ම විභූෂණ, පද්ම භූෂණ සහ පද්ම ශ්‍රී සම්මාන පිරිනමා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart