
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ සැබෑ රැකියා විරහිතභාවයේ ප්‍රතිශතය සියයට 10.2 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු අනාවරණය කරයි.
මෙය චීන කොමියුනිස්ට් පාලන තන්ත්‍රය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති සියයට 5 ක ප්‍රතිශතය මෙන් දෙගුණයක අගයකි.
සියයට 10 ක රැකියා විරහිතභාවයක් යනු මිලියන 48 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බවයි.
මෙය ස්පාඤ්ඤයේ හෝ ආර්ජන්ටිනාවේ සමස්ත ජනගහනයටත් වඩා වැඩි සංඛ්‍යාවකි.
එමෙන්ම, ග්‍රාමීය ප්‍රදේශවල රැකියා විරහිත පුද්ගලයන් මෙම ගණනය කිරීම්වලට කිසිසේත්ම ඇතුළත් නොවන බැවින්, චීනයේ සැබෑ රැකියා විරහිතභාවයේ ප්‍රමාණය මීටත් වඩා ඉහළ විය හැකි බව පෙන්වා දෙනු ලැබෙයි.
ට්සිංහුවා විශ්වවිද්‍යාලයේ චීන හා ලෝක ආර්ථික විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලී ඩාඕකුයි විසින් රෙන්මින් විශ්වවිද්‍යාලය සංවිධානය කළ අන්තර්ජාල සම්මන්ත්‍රණයකදී මෙම තොරතුරු අනාවරණය කර ඇත.
ලී ඩාඕකුයි චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගේ සහ එරට මහ බැංකුවේ දීර්ඝ කාලීන උපදේශකයෙකු ලෙසද කටයුතු කර තිබේ.
වත්මන් ආර්ථිකයට ප්‍රමුඛ තාක්ෂණයන් සහ කෘතිම බුද්ධිය (AI) වැනි ක්ෂේත්‍ර හරහා “සමස්ත ආර්ථිකයම ගොඩනැංවිය හැකිය” යනුවෙන් ෂී ජින්පිංගේ පාලන තන්ත්‍රය විසින් ගෙන යන ප්‍රචාරයද ලී මෙහිදී බැහැර කළේය.
රාජ්‍ය මාධ්‍ය විසින් පෙන්වා දෙන තරම් සුබවාදී තත්ත්වයක චීන ආර්ථිකය නොමැති බවත්, පවතින ආර්ථික අර්බුදය මීට වඩා බෙහෙවින් බරපතල බවත් කොමියුනිස්ට් පක්ෂයට සමීප මෙවැනි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු විසින් හෙළිදරව් කිරීමෙන් ගම්‍ය වන්නේ, එරට ධනපති පංතිය සහ පාලකයන් තුළ යම් තැතිගැන්මක් සහ කලබලකාරීත්වයක් නිර්මාණය වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart