
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාති ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි තුන්වැනි සහ හතරවැනි ස්ථානවලට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ පත්ව සිටී.
එහි පළමු ස්ථානය ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් හිමිකරගෙන ඇති අතර එංගලන්තයේ අදිල් රෂීඩ් දෙවැනි ස්ථානයේ පසුවෙයි.
පන්දුවාර 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකාවේ වනිදු හසරංග හත්වැනි ස්ථානයේ පසුවේද්දි බංග්ලාදේශයේ සකීබ් අල් හසන් එහි පෙරමුණේ රැදි සිටී.
පන්දුවාර 20 පිතිකරුවන් අතර පෙරමුණ තවදුරටත් ඉන්දියාවේ සුර්යකුමාර් යාදව්ට හිමිව ඇත.
එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයන් අතරද වනිදු හසරංග ස්ථානයක් හිමිකරගෙන ඇති අතර එහි ඔහු 09වැනි ස්ථානයේ පසුවේ. එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පළමු තැන ෂකීබ් අල් හසන්ට හිමි තිබේ.
එක්දින පන්දු යවන්නන් අතර ඕස්ට්‍රෙිලියාවේ ජෝෂ් හසල්වුඩ් පෙරමුණේ පසුවන අතර දෙවැනි ස්ථානයේ මිචෙල් ස්ටාක් පසුවෙයි.
එක්දින පිතිකරුවන් අතර පාකිස්ථානයේ බාබර් අසාම් පළමු තැන රැදි සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart