January 31, 2026

ගිනි අවි බලපත්‍ර හිමි සියලුම පුද්ගලයන් සහ ආයතන 2026 සඳහා බලපත්‍ර අලුත් කරන බවට සහතික වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

බලපත්‍ර අලුත් කිරීමේ කාලය අදින් (31) අවසන් වේ.

අමාත්‍යාංශයට අනුව, නියමිත දිනට බලපත්‍ර අලුත් කිරීමට අපොහොසත් වන ගිනි අවි හිමිකරුවන් 2026 පෙබරවාරි 10 වැනිදා හෝ ඊට පෙර දඩ මුදලක් ගෙවා අලුත් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතු අතර, ගිනි අවි ආඥා පනතේ 22 වැනි වගන්තියට අනුකූලව එය සිදුකළ යුතුය.

ගිනි අවි ආඥා පනතේ 22 වැනි වගන්තිය යටතේ නියම කර ඇති පරිදි, නියමිත දිනට පසු වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටින ඕනෑම ගිනි අවි හිමිකරුවකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට අමාත්‍යාංශය තවදුරටත් අනතුරු ඇඟවීය.