
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්විට්සර්ලන්තයේ සමස්ත ජනගහනය නීත්‍යානුකූලව මිලියන 10කට සීමාකිරීම සම්බන්ධයෙන් වන තීරණාත්මක ජනමත විචාරණය අද (ඉරිදා) පැවැත්වෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. එරට දේශපාලන කරළිය දැඩි ලෙස උණුසුම් කර ඇති මෙම යෝජනාව, සංක්‍රමණිකයන්, පොදු සේවා සහ යුරෝපය සමඟ ස්විට්සර්ලන්තයේ පවතින සබඳතා පිළිබඳ පුළුල් වාද විවාදයන්ට මඟ පාදා ඇත.
දක්ෂිණාංශික ස්විට්සර්ලන්ත මහජන පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව, නිවාස, යටිතල පහසුකම් සහ පරිසරය මත ඇති වන පීඩනය අවම කිරීමේ ‘තිරසාර වැඩසටහනක්’ ලෙස එහි ආධාරකරුවෝ හඳුන්වති. එහෙත් විවේචකයන් පවසන්නේ මෙය සංක්‍රමණිකයන් රටට පැමිණීම දැඩි ලෙස සීමාකිරීම සඳහා ව්‍යාජ ලෙස වෙස්ගන්වන ලද ප්‍රතිපත්තියක් බවයි.
ස්විට්සර්ලන්ත රජය, ව්‍යාපාරික කණ්ඩායම් සහ වෘත්තීය සමිති ඇතුළු මෙයට විරුද්ධ පාර්ශවයන් මෙය ‘අවුල් ජාලාවක් ඇති කරන වැඩසටහනක්’ ලෙස හඳුන්වයි.මෙමඟින් සෞඛ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රවල පවතින දැඩි ශ්‍රම හිඟය තවදුරටත් උග්‍ර විය හැකි බවත්, යුරෝපා සංගමය සමඟ පවතින සබඳතාවලට හානි වී ස්විට්සර්ලන්තය ආර්ථික හා දේශපාලනික වශයෙන් හුදෙකලා වීමේ අවදානමක් පවතින බවත් ඔවුහු අනතුරු අඟවති.
2002 වසරේදී මිලියන 7.3ක් වූ ස්විට්සර්ලන්ත ජනගහනය මේ වන විට මිලියන 9.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 27%ක්ම විදේශයන්හි උපන් අය වෙති. සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය යටතේ පුරවැසියන් 100,000කගේ අත්සන් එකතු කරමින් මෙම ජනමත විචාරණය කැඳවා ඇත.
මෙම යෝජනාව සම්මත වුවහොත් ජනගහනය මිලියන 9.5 සීමාවට පැමිණි වහාම රජය ක්‍රියාත්මක විය යුතු අතර, 2050 වසරට පෙර එය මිලියන 10 ඉක්මවා යාම වැළැක්විය යුතුය. ඒ සඳහා දේශපාලන රැකවරණ අයැදුම්පත් සීමාකිරීම, විදේශීය කම්කරුවන්ගේ පවුල් නැවත ඒකාබද්ධ කිරීමේ අයිතිය අහෝසි කිරීම සහ යුරෝපා සංගමයේ නිදහස් පුද්ගල සංචලන රාමුවෙන් ඉවත් වීම වැනි දැඩි පියවර ගැනීමට රජයට සිදුවනු ඇත. නවතම මත විමසුම්වලට අනුව මෙයට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතර පවතින්නේ ඉතා කරට කර සටනකි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart