
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට පාසල් සිසුන් අතර දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය ඉහළයෑම පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයන් අවධානය යොමුකර තිබේ.
ඊයේ (31) දිනට යෙදී තිබූ ලෝක දුම්කොළ විරෝධී දිනය අමතමින් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය ශාක්‍ය නානායක්කාර අවධාරණය කළේ දුම්කොළ නිෂ්පාදන පාසල්වල බහුලව දක්නට ලැබෙන බවයි.
මෙම නිෂ්පාදනවලට ඇබ්බැහි වන දරුවන් සිගරට් පානය දක්වා ගමන් කිරීමට ඉඩ ඇති බව වෛද්‍ය නානායක්කාර අවධාරණය කළේය.
ගෝලීය වශයෙන් ඊ-සිගරට්වල ජනප්‍රියතාවය වර්ධනය වන බව ඔහු සඳහන් කළේය.
ඊ-සිගරට් හරහා නිකොටින් සඳහා ඇබ්බැහිවන පුද්ගලයන් සාම්ප්‍රදායික සිගරට් දුම් පානයට මාරුවීමේ ඉහළ අවදානමක් ඇති බවට ඔහු අනතුරු අඟවයි.
තවද, නිකොටින් ශරීරගත වීමෙන් ක්ලාන්තය, වමනය සහ සාමාන්‍ය ශාරීරික අපහසුතා වැනි අහිතකර බලපෑම් ඇති විය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.
එනිසා නිකොටින්වල ඇති භයානකකම සහ එහි භාවිතය පිළිබඳ දරුවන් දැනුවත් කරන ලෙස වෛද්‍ය නානායක්කාර මව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart