
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධාන කරනු ලබන ‘යථාර්ථය’ නම් වූ ජනතා ප්‍රචාරක වැඩසටහනේ අරමුණ වන්නේ රටේ අසාර්ථක ආර්ථිකයට පණ දීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට දේශපාලන සහයෝගය ලබාදීම බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පවසයි.
රට පිළිබඳ පැහැදිලි ආර්ථික දැක්මක් නොමැති විවිධ දේශපාලන කණ්ඩායම් විසින් රටවැසියන් නොමඟ යැවීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොතබන බවත් එවැනි ව්‍යාපාර රට නව ආර්ථික අර්බුදයකට ගෙන යෑමට හැකි බවත් අකිල විරාජ් කාරියවසම් ඊයේ (5) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මාර්තු 10 වැනිදා කුලියාපිටියෙන් ආරම්භ කිරීමට නියමිත මෙම මහජන ප්‍රචාරක වැඩසටහන පක්ෂයේ නව දේශපාලන ගමනට නව ආරම්භයක් ලබා දෙන බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව මේ වන විට එහි දරුණුතම ‘ආර්ථික’ අර්බුදයට මුහුණ දී සිටින බවත්, එබැවින් ආර්ථික අර්බුද සඳහා දේශපාලන විසඳුම් නොමැති බව ජනතාව තේරුම් ගතයුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයේ ඉන්නේ. වාසනාවකට මෙන්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට රටේ ආර්ථිකය පණ ගැන්වීමට හැකි වී තිබෙනවා. විසඳුම සඳහා ශක්තිමත් දේශපාලන මග පෙන්වීමක් අවශ්‍ය වුවත් ආර්ථික අර්බුදයකට දේශපාලන විසඳුම් නැහැ. විස්තීරණ ආර්ථික වැඩපිළිවෙළක් හරහා ඊට විසඳුම් ලබාදිය යුතුයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
රට වෙනුවෙන් පැහැදිලි ආර්ථික දැක්මක් ඇති, පොරොන්දු වූ දේ ඉටුකළ එකම දේශපාලන චරිතය ජනාධිපති වික්‍රමසිංහ බව අකිල විරාජ් කාරියවසම් අවධාරණය කළේය.
“අපේක්ෂකත්වය ප්‍රකාශ කර ඇති කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට වර්තමාන ජාතික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හැකියාවක් ඇතැයිතිබෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එවැනි හැකියාවක් තිබෙන එකම පුද්ගලයා වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණයි. එතුමා රටට අවශ්‍ය දේ ලබා දී තිබෙනවා. 2019 දී සිදු වූවාක් මෙන් රට ගැන නිසි දැක්මක් නොමැති විපක්ෂය විසින් පුරවැසියන් නොමඟ යැවීමට අපි ඉඩ දිය යුතු නැහැ. පක්‍ෂයේ ප්‍රචාරක වැඩසටහන ‘යථාර්ථය’ ලෙස නම්කර ඇත්තේ ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර යථාර්ථය කුමක්දැයි ඡන්දදායකයන් තේරුම් ගත යුතු නිසයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පළමු වරට දේශපාලන රැලියකට පෙනී සිටීම සනිටුහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මාර්තු 10 වැනිදා කුලියාපිටියෙන් ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart