
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් එක්සත් ජාතික පක්ෂයෙ සිටින පැරණිතම සාමාජිකයෙකු වන බැවින් පක්ෂයෙන් ඉවත් කළ යුත්තේ තමන්ව නොවන බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පක්ෂයෙන් ඉවත් කළ යුත්තේ තමන් වැනි පක්ෂය වෙනුවෙන් කැපවූ ජ්‍යෙෂ්ඨයින් නොව පක්ෂය තුළ සිටිමින් පක්ෂය විනාශ කිරීමට උත්සහ දරණ පුද්ගලයින්ව බව මන්ත්‍රීවරයා පැවසුවේය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ දැන් සිදු කළ යුතු වන්නේ කඩා වැටීමකට ලක්ව ඇතු එක්සත් ජාතික පක්ෂය, එම පක්ෂයට ආදරය කරන පිරිස් එක්ව යළි ගොඩනැගීම බවයි.
එමෙන්ම විපක්ෂයේ සියලු නියෝජිතයින් නම්‍යශීලි වී සාකච්ඡා මාර්ගයකට එක්ව අලුත් ගමනක් සඳහා එක්විය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart