
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බාහිර පුද්ගලයින් රැස්වීම්වලට සහභාගි කරවා ගැනීම සඳහා සියලු කාරක සභාවල සභාපතිවරුන් තමන්ගෙන් අවසර ලබාගත යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද නිවේදනය කළේය.
“කමිටු රැස්වීම්වලට පිටස්තර අය සහභාගි වීම ගැන මට පැමිණිලි ලැබිලා තියෙනවා” යැයි කථානායකවරයා පැවැසීය.
නිල ලිපි ශීර්ෂ පෞද්ගලික භාවිතය සඳහා භාවිත නොකරන ලෙස ද ඔහු කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සිය පුත්‍රයාව කෝප් කමිටු රැස්වීම්වලට සහභාගී කරවාගෙන ඇතැයි හෙළිවීමත් සමග ගැටලුකාරී වාතාවරණයක් ඉස්මතුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart