
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම් ලබන සතියේ සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්රකාශ කර ඇත්තේ අද(21) පාර්ලිමේන්තුවේදී එහි ජාතික කැඳවුම්කරු ඩී.වී චානක හා පාර්ලිමේන්ති මන්ත්රී චානක මාදුගොඩ සමග පැවති සාකච්ඡාවකදීය.
ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් පවතින බවත්, ආණ්ඩුව මර්දනය තුළින් රට පාලනය කිරීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ එහිදී පවසා ඇත.
එමනිසා ගමින් ගමට ගොස් මේ ආණ්ඩුවේ අසමත්කම පිළිබඳව දැනුවත් කරන ලෙස නාමල් රාජපක්ෂ උපදෙස් දී ඇත.
ආසන සංවිධායකවරුන් ගමින් ගමට රැස්වීම් කඩිනමින් පවත්වන ලෙසට තමාගෙන් දැඩි ඉල්ලීම් කරන බවද නාමල් රාජපක්ෂ එහිදී පවසා තිබේ.
මේ වන විට උද්ධමනය සියයට අටක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත.
විශේෂයෙන් මහාසංඝරත්නය හා බෞද්ධයන් පෙළා දමන මේ ආණ්ඩුවට එරෙහිව ගමින් ගමට ගොස් දැනුවත් කරන ලෙස නාමල් රාජපක්ෂ වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart