May 7, 2024

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් අභාවප්‍රාප්ත වී තිබේ.

කළුතරදී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද අභාවප්‍රාප්තවී ඇත.

අභාවප්‍රාප්ත වන විට හෙතෙම 71 වැනි වියේ පසුවිය.

දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා කළුතරදී සිදුකිරීමට නියමිතය.