
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු රජය සතුව ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි.
ඇමැතිවරයා පැවසුවේ බුද්ධි අංශ වාර්තා අනුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවයි.
කන්ජිපානි රැගෙන එම සඳහා තමන් වෙත භාරදෙන ලෙසත් ඔහු සිටින ස්ථානය දන්නා බවත් විවිධ පුද්ගලයන් පවසන බව ද ඔහු සඳහන් කරයි.
එහෙත් ඇමැතිවරයා පවසන්නේ එම සියල්ල ව්‍යාජ තොරතුරු බවයි.
ඔහු පිළිබඳ සියලු තොරතුරු රජය සතුව ඇති බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.
ඇමැති ටිරාන් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු පසුපස ගොස් කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවයි.
එසේවුවද බුද්ධි අංශ එම තොරතුරු ද අධ්‍යයනය කරන බව සඳහන් කළ ඇමැතිවරයා ඔවුන් ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය අනුව ඒ සම්බන්ධ වාර්තා ද සකස් කරන බව සඳහන් කළේය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart