
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය සහ කන්කසන්තුරේ පොලිස් වසම්වල ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ පැවැත්විණි.
මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන පිරිසගේ සහභාගිත්වයෙන් යාපනයේදී මෙම උත්සවය පැවැත් වී තිබේ.
මෙම අවස්ථාවට යාපනයේ සහ කන්කසන්තුරේ පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 431ක ප්‍රජා පොලිස් සාමාජිකයන් 2000ක් පමණ සහභාගී වූ බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සභාව ඇමතූ ඇමැති ටිරාන් අලස් සහ පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ප්‍රදේශයේ අපරාධ අවම කිරීම සඳහා යුක්තිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.
උතුරු නැඟෙනහිර පළාතේ වෙසෙන දෙමළ ප්‍රජාව කේන්ද්‍ර කර ගනිමින් අලුතින් ආරම්භ කරන ලද “107″ හදිසි ඇමතුම් අංකය හරහා ලැබෙන අපරාධ පැමිණිලි සහ තොරතුරු මත පදනම්ව පොලිස් ස්ථාන මගින් විමර්ශන සිදු කරන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart