
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට සිදුවන අපරාද හුදෙකලා සිදුවීම් නොවන බවත්, බොහෝ අපරාධ පිටුපස දේශපාලනය පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ගාල්ල ප්‍රදේශයේ පැවැති ජාතික ජනබලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු පැවසුවේ, අපරාධවලට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුව ගැනීමෙන් පසුව අදාළ සැකකරුගෙන් හෙළිවන කරුණු පිළිබඳ ඔහුට සම්බන්ධ සෙසු පුද්ගලයන් බියෙන් පසුවන බවයි.
එබැවින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටින පිල්ලෙයාන් පවසන දෑ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ද බියෙන් පසුවන බවත්, පිල්ලෙයාන් පවසන්නේ මොනවාදැයි සොයාබලමින් සිටින බවත්, ඒ සඳහා පිල්ලෙයාන්ගේ නීතීඥයා බවට පත්කරමින් උදය ගම්මන්පිල පිල්ලෙයාන්ව හමුවීමට යොමුකර ඇති බවත් ඔහු පැවසුවේය.
එමෙන්ම ටිල්වින් සිල්වා පැවසුවේ, උදය ගම්මන්පිල නීතිඥයකු වුවද, මෑත ඉතිහාසයේදී ඔහු නඩු සඳහා පෙනීසිටි අවස්ථා නොමැති බැවින් ඔහු පෙනීසිටින පළමු නඩුව පිල්ලෙයාන්ගේ නඩුව වනු ඇති බවයි.
ජාතික ජනබලවේගය රට තුළ සිදුවන අපරාධ මැඩපවත්වන විට සහ අපරාධකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන විට ඒවාට සම්බන්ධ කල්ලි බාධා එල්ල කරමින් සිටින බවත් ඔහු පෙන්වාදුන්නේය.
ජාතික ජනබලවේගයට ඉදිරියට යාහැකි වන්නේ බාධා මධ්‍යයේ බවත්, එවැනි බාධා මැඩගෙන ඉදිරියට යෑම සඳහා ජාතික ජනබලවේගයට එළඹෙන ඡන්ද විමසීමේ ජයග්‍රහණය වැදගත් බවත් ටිල්වින් සිල්වා එහිදී අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart