
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් (Shri Bhupendra Rajnikant Patel) අතර හමුවක් ඊයේ (09) සිදුව ඇත.
ගුජරාට් ප්‍රාන්තයේ ඉදිරි සංවර්ධනය මෙන්ම කර්මාන්ත ආශ්රිත දියුණුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචාරක, ඇඟලුම් වැනි කර්මාන්ත සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවත් අදහස් හුවමාරු කරගෙන තිබේ.
ගුජරාට් ප්‍රාන්තයේ මැදිහත්වීමෙන් සර්වඥ ධාතුන් වහන්සේ ලංකාවට වැඩමවා ලංකාවේ බෞද්ධ ජනතාවට වන්දනා කිරිමට අවශ්‍ය කටයුතු සැලැස්වීම පිළිබඳවත්, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මොහොතේ ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගයත් සිහිපත් කර ඇති ටිල්වින් සිල්වා, ඒ සම්බන්ධව සිය ස්තුතිය පළකර ඇත.
මෙම සංචාරයේදී ටිල්වින් සිල්වා නවදිල්ලි සහ කේරළ ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රන්තයන්හි මහඇමතිවරුන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඊට අමතරව ඉන්දියාවේ කෘෂිකර්මාන්ත, කාර්මික සහ තාක්ෂණික සංවර්ධනයට අදාළ මධ්‍යස්ථාන නැරඹීමටද මෙහිදී කටයුතු යොදා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart