
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන පක්ෂපාතීත්වය හෝ පසුබිම කුමක් වුවත්, මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන ඕනෑම අයකුට බන්ධනාගාර ගතවීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
බුලත්සිංහල ප්රදේශයේ පැවැති ජන රැළියක් අමතමින් ඔහු කියා සිටියේ, රජය විසින් දේශපාලන ප්රතිවාදීන් ඉලක්ක කර ගනිමින් කටයුතු කරන බවට හෝ ප්රජාතන්ත්රවාදී ප්රතිපත්ති පාලනය කරන බවට නැගෙන චෝදනා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරන බවයි.
“අපි කාටවත් හිරිහැර කරන්නේ නැහැ. හැබැයි තමන් හොරකම් කරලා තියෙනවා නම් හිරේ යන්න වෙනවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒක හිටපු ජනාධිපති කෙනෙක්ද, හිටපු ඇමැති කෙනෙක්ද නැත්නම් කාගේ පුතාද කියන එක අපිට අදාළ නැහැ. යම් කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් නීතිය තදින්ම ක්රියාත්මක වෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරමින් වංචාවට සහ දූෂණයට එරෙහිව තදින් නීතිය ක්රියාත්මක කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් ජනතාව මෙම රජය පත්කර ගත් බව ටිල්වින් සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart