
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ වතුයායේදී TikTok සමාජ මාධ්‍යයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සි චු හමුව තිබේ.
මෙම හමුව පිළිබඳ වාර්තා වන්නේ TikTok හි හිමිකාරීත්වය දරන චීන මව් සමාගම වන ByteDance අමෙරිකාවේ තහනමකට මුහුණදී සිටින පසුබිමක් තුළය.
අමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත් අප්‍රේල් මාසයේදී අත්සන් කළ නව නීතියකට අනුව, එළඹෙන ජනවාරි මස 19 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි TikTok ජංගම දුරකථන යෙදවුමක් ලෙස අමෙරිකාව තුළ භාවිතය තහනම් කිරීමට නියමිතය.
ඉන් වැළකීමට නම් අමෙරිකාව තුළ TikTok හි හිමිකාරීත්වය චීනයට අයත් නොවන වෙනත් පාර්ශවයකට පැවරිය යුතු වේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ByteDance ඉකුත් දා අමෙරිකානු අධිකරණයක් හමුවට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එය අසාර්ථක වූ බැවින් මේවනවිට ByteDance අමෙරිකානු ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ TikTok සඳහා බලාත්මක කිරීමට නියමිත නීතිය තාවකාලිකව අවහිර කරන ලෙසයි.
එම වාර්තා මධ්‍යයේ විදෙස් මාධ්‍ය ට්‍රම්ප් සහ TikTok ප්‍රධාන විධායක නිලධාරියාගේ හමුව පිළිබඳ වාර්තා කර තිබේ.
මේ පිළිබඳ පවතින සිත්ගන්නා කරුණ නම්, ට්‍රම්ප් ඔහුගේ පළමු ධූර කාලය තුළ TikTok තහනමට මුලදී සහයෝගය ලබාදුන්නද, පසුව එයට විරෝධය ප්‍රකාශ කර තිබීමයි.
සිය 2020 මැතිවරණ පරාජයට දායක වූ බවට ට්‍රප්ම් චෝදනා කළ ෆේස්බුක් වෙත මෙම තහනම මගින් නොදැනුවත්වම ප්‍රතිලාභ ලැබිය හැකි බව ට්‍රම්ප් විශ්වාස කරයි.
ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය එළඹෙන ජනවාරි 20 වනදා ආරම්භ වීමට නියමිත අතර, TikTok විකිණීම හෝ තහනම් කිරීම සඳහා නියමිත කාලසීමාව අවසන් වීමට නියමිතව ඇත්තේ ජනවාරි 19 වැනිදායි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart