
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති සමාව අනුමත වී ඇති බවට ව්‍යාජ නිල ලේඛන සකස් කර බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීමට කටයුතු කළ බවට එල්ල වූ චෝදනාවට එරෙහිව හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපූල්දෙණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, චෝදනා දෙකකින් සමන්විත චෝදනා පත්‍රය විත්තිකරුට කියවා දීමෙන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මෙම විරෝධතාව ඉදිරිපත් කළේය.
විත්ති පාර්ශවය මතු කළ ප්‍රධාන කරුණු ලෙස පොලිසිය මගින් ඉදිරිපත් කර ඇති B වාර්තාවල විත්තිකරුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නිරාවරණය වී නොමැති බව පැවසීය.
අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න එවූ ලිපි මත පදනම්ව විත්තිකරු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපිය යොමු කර ඇති අතර, විත්තිකරු සිදුකර ඇත්තේ ලැබුණු තොරතුරු ඉහළ නිලධාරීන් වෙත දැනුම් දීම පමණක් බව සඳහන් කළේය.
අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා රැඳවියන් නිදහස් කිරීමට ගත් තීරණයට එවක ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, මෙම පරීක්ෂණ ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ප්‍රචාරයන් නිසා බවත් නීතිඥවරයා කීය.
තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට තරම් සාධාරණ හේතු නොමැති බව මානව හිමිකම් කොමිෂන් සභාව පවා නිගමනය කර ඇති බව මෙහිදී අධිකරණයට දැනුම් දෙන ලදී.
විත්ති පාර්ශවය මතු කළ මෙම මූලික විරෝධතාවට පිළිතුරු ලබාදීමට පොලිසිය කාලය ඉල්ලා සිටි අතර, ඒ අනුව නඩුව වැඩිදුර විභාගය සඳහා 2026 ඔක්තෝබර් 29 වැනි දින දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart