June 27, 2025

ජනා­ධි­පති පොදු සමාව අනී­ති­කව භාවිත කර සිර­ක­රු­වන් නිද­හස් කළේ යැයි රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය බෝග­ම්බර බන්ධ­නා­ගා­රය වෙත මාරු­කර යවා තිබේ.

වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහල ආශ්‍රි­තයේ බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාගේ කාර්යා­ලය ආස­න්නයේ සිර­මැ­දි­රි­යක රඳවා සිටි ඔහුව වෙනත් බන්ධ­නා­ගා­ර­ය­කට මාරුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රිය කළ නියෝ­ග­යෙන් පසුව බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව මෙම පිය­වර ගෙන තිබිණි.

බෝග­ම්බර බන්ධ­නා­ගා­රය තුළ බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණියට ප්‍රමා­ණ­වත් ආර­ක්ෂා­වක් ඇතැයි බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රි­යෙක් සඳහන් කර ඇත.