
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලිය අද ආරම්භ වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් මෙවර තරගාවලියට එක්ව සිටිති.
ඒ අනුව කුසල් මෙන්ඩිස් පෙෂාවර් සල්මි කණ්ඩායමට, කුසල් පෙරේරා හයිද්‍රාබාද් කිංග්ස්මන් කණ්ඩායමට හා දුනිත් වෙල්ලාලගේ ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායමට ක්‍රීඩාකරති.
තරගාවලිය මැයි 3 වැනිදා දක්වා පැවැත්වෙන අතර කණ්ඩායම් අටක් තරග 44කට එක්වීමට නියමිතය.
ආරම්භක තරගයේදී වත්මන් ශූර ෂහින් ෂා අෆ්රිඩි නායකත්වය දරන ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාවේ මාර්නස් ලැබුස්චේන් නායකත්වය දරන හයිද්‍රාබාද් කිංග්ස්මන් ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද තරග වදිනු ඇත.
සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසා, ඔස්ට්‍රේලියානු පිතිකරු මාර්නස් ලැබුස්චේන්, වේගපන්දු යවන ක්‍රීඩක රිලී මෙරඩිත්, නවසීලන්ත ක්‍රීඩකයන් වන ඩෙවොන් කොන්වේ, රචින් රවින්ද්‍රා සහ මාර්ක් චැප්මන් ලාහෝර් වෙත පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
මුස්තාෆිසුර් රහ්මාන්, නහීඩ් රානා සහ පර්වේස් හුසේන් ඇතුළු බංග්ලාදේශ ක්රීඩකයෝද මෙවර තරගාවලියට එක්ව සිටිති.
තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් මෙවර තරගාවලිය ප්‍රේක්ෂකයන් නොමැති හිස් ක්‍රීඩාංගණවල පැවැත්වීමට සිදුවනු ඇති අතර, ලාහෝර්හි පැවත්වීමට නියමිත වූ සමාරම්භක උත්සවයද අවලංගු කොට ඇත.
කළින් නගර හයකදී තරග පැවැත්වීමට නියමිතව තිබුණද, වත්මන් අර්බුද හමුවේ සත්කාරකත්වය ලාහෝර් සහ කරච්චි නගරවලට සීමාකොට තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart