
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැලේසියාවේ සෙන්තුල් හි නිවෙසක මියගොස් සිටියදී හමුවූ ශ්‍රී ලාංකිකයන් තිදෙනා ප්ලාස්ටික් බෑග් භාවිත කර හුස්ම හිරකර මරාදමන්නට ඇතැයි විශ්වාස කෙරේ.
සෙන්තුල් පොලිසියේ ප්‍රධාන සහකාර කොමසාරිස් අහමඩ් සුකර්නෝ මොහොමඩ් සහාරි පැවසුවේ ඝාතන පිටුපස ඇති චේතනාව පිළිබඳව පොලිසිය තවමත් තහවුරු කර නොමැති බවයි.
“මරණයට හේතුව (වින්දිතයන්) ප්ලාස්ටික් බෑග්වලින් හුස්ම හිරකිරීමයි” ඔහු ‘නිව් ස්ට්‍රේට්ස්’ ටයිම්ස් වෙත පවසා ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බව සුකර්නෝ පැවසීය.
සෙන්තුල්, ජලාන් පර්හෙන්ටියන් කම්පුං කෝවිල පිහිටි ප්‍රදේශයේ නිවසක ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත් පා බැඳ හිස ප්ලාස්ටික්වලින් ආවරණය කර මියගොස් සිටියදී මෙලෙස සොයාගෙන තිබිණි.
නිවසේ ගබඩාවේ ගොඩගසා තිබූ මෙම මළ සිරුරු සොයාගෙන ඇති අතර, ඉන් එක් අයෙකු නිරුවතින් සිට ඇත.
ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී Datuk Allaudeen Abdul Majid පවසා ඇත්තේ එදින රාත්‍රී 11 ට පමණ අදාළ නිවසේ රණ්ඩුවක් ඇති වූ බවට මහජනතාවගෙන් පොලිසියට ඇමතුමක් ලැබුණු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart