
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන් බව පවසමින් පුද්ගලයකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑ සැකකරුවන් තිදෙනකු වව්නියාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
යතුරුපැදියකින් පැමිණි මෙම තිදෙනා වව්නියාව දුම්රියපොළ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවතා තමන් පොලිස් නිලධාරීන් බව පවසමින් එම පුද්ගලයාව යතුරුපැදියට බලහත්කාරයෙන් නංවාගෙන ගොස් තිබේ.
මද දුරක් ගොස් ඔහුගේ පසුම්බියේ තිබූ රුපියල් ලක්ෂ 02ක මුදල මොවුන් විසින් බලහත්කාරයෙන් රැගෙන පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.
පැහැරගත් පුද්ගලයා ඔවුන් පසුපස හඹා ගොස් රුපියල් 15,000ක මුදලක් නැවත උදුරා ගත්ත ද ඉතිරි මුදල් රැගෙන එම පිරිස පළා ගිය බව අනාවරණය වී ඇත.
වව්නියාව පොලිසියට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව විමර්ශන සිදුකර අදාළ සැකකරුවන් තිදෙනා සහ ඔවුන් පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart