
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෙස්කලඹ සකස්කර ගැනීම සදහා පිහිටි මිනුවන්ගොඩ නගරයේ රූපාලාවණ්‍යාගාරයකට ගොස් ඒ හිසකෙස් වෙනුවෙන් ගල්වන ලද ආලේපන හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් කාන්තාවකගේ කෙස් කලඹ ගැලවී යෑමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන එම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිනිය සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා සැඟවී සිටින ස්ථානයක් ගැන තවමත් කිසිදු තොරතුරක් නොමැති බව මිනුවන්ගොඩ පොලිසිය සදහන් කරයි.
රූපලාවණ්‍ය ශිල්පිනිය සහ ඇගේ සහායක සේවිකාවන් දෙදෙනා පමණක් නොව ඔවුන්ගේ පවුල්වල අයද එම තිදෙනා සමග අතුරුදන්ව ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පවසා ඇත.
ඔවුන් තිදෙනාම පදිංචි නිවෙස් වසා දමා පවුලේ අය සමග මෙසේ ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ඔවුන් තිදෙනා අතුරුදන්ව මේ වන විට දින හයක පමණ කාලයක් ගත්වී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.
රූපලාවණ්‍ය ශිල්පිනිය සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා ඉන්නා ඉසව්වක් ගැන තොරතුරු සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇත.
ඔවුන් තිදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු පසුගිය 2 වැනිදා මිනුවන්ගොඩ පොලිසියට නියෝග කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart