
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ඩියාගෝ හි ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති අතර, බලධාරීන් පවසන්නේ මෙය වෛරී අපරාධයක් ලෙස විමර්ශනය කරන බවයි.
වයස අවුරුදු 17 සහ 18 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා වෙඩි තබාගෙන මියගොස් ඇති බව නිලධාරීහු පැවසූහ.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය කියා සිටියේ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බැවින් ඒ පිළිබඳ තොරතුරු මහජනතාවගෙන් අපේක්ෂා කරන බවයි.
ඒ සඳහා එම කාර්යාංශය විසින් තොරතුරු සැපයීමේ දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇත.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ සැන් ඩියාගෝ හි ක්ලෙයාර්මොන්ට් ප්‍රදේශයේ පිහිටි ඉස්ලාමීය මධ්‍යස්ථානයේ මධ්‍යහ්න යාච්ඤාවට සුළු වේලාවකට පෙරය.
මෙම මධ්‍යස්ථානය සැන් ඩියාගෝ ප්‍රාන්තයේ ඇති විශාලතම පල්ලිය වෙයි.
“මෙය ඕනෑම ප්රජාවකගේ දරුණුතම බියකරු සිහිනයක්,” යැයි සැන් ඩියාගෝ පොලිස් ප්‍රධානියා වන ස්කොට් වෝල් පැවසීය.
එමෙන්ම ඔහු පැවසුවේ, මෙම මාරාන්තික වෙඩි තැබීමට පැය දෙකකට පමණ පෙර සැකකරුවෙකුගේ මවක් පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දෙමින්, සිය පුත්‍රයා, ඇය සතු ගිනි අවි කිහිපයක් සහ ඇගේ මෝටර් රථය අතුරුදහන් වී ඇති බව දැනුම් දුන් බවයි.
පොලිසිය මෙම යොවුන් වියේ පසුවන්නා සහ ඔහුගේ මිතුරා සොයමින් සිටියදී ඔවුන්ට ඉස්ලාමීය මධ්‍යස්ථානයෙන් හදිසි ඇමතුමක් ලැබී ඇත.
එම තරුණයින් සෙවීම සඳහා අසල රැඳී සිටි නිලධාරීන් වහාම ඉස්ලාමීය මධ්‍යස්ථානය වෙත දිව ගිය අතර, එහිදී පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව සොයා ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart