
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා වන පනත් 03ක් ගෙන ඒමට සූදානමින් සිටින බව කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පවසයි.
කාන්තාවන්ගේ සමාජ සුරක්ෂිතතාව සදහා දිස්ත්‍රික්ක 10ක් ආවරණය වන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් කාන්තාවන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට 1938 දුරකථන අංකය පැය 24 ම සක්‍රීය ව ම පවතින බවත් ඇය සදහන් කළාය.
අත්හැර දමා යන දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට “කවුළුව” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරිය සදහන් කරයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති සාකච්ඡාවක දී ඇය වැඩිදුරටත් සදහන් කළේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීමේ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සදහා වැදගත් පනත් 03ක් වන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත, කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභා පනත සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ගෙන ඒමට සූදානමින් සිටින බවයි.
එක්සත් ජාතීන්ගේ අරමුදලේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඉදිරි පස් වසර තුළ ක්‍රියාවට නැංවීමට නියමිත අතර ඒ යටතේ තරුණ කාන්තාවන්, වැන්දඹුවන්, බන්ධනාගාර ගත වූ පවුල්වල කාන්තාවන්, අඩු ආදායම්ලාභී නාගරික කාන්තා ව්‍යවසායකාවන් දිරි ගැන්වීම සදහා ස්වයං රැකියා යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බවද ඇය සදහන් කළාය.
මේ වන විට ගර්භණී සමයේ කිරි දෙන මවුවරු සදහා මාස 10කට රු.45,000 පෝෂණ දීමනාවක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර, 2023 වසරේ පෙර පාසල් ළමයින් සදහා උදෑසන ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ද වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය ඇමැතිවරිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart