
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් තහනම් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මස මුල සිටම ලිපි යවමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට බලකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද අනාවරණ කළේය.
අදාළ ලිපි මගින් පෙනීයන්නේ, එම ලිපි යොමුකර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් බවයි.
නොවැම්බර් මස 06,07 සහ 09 දාතමින් එම ලිපි යොමුකර ඇත.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වෙත යොමුකර ඇති එම ලිපි මගින් ශම්මි සිල්වා ප්‍රකාශකර ඇත්තේ අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා ගත් ක්‍රියාමාර්ගය ගැනයි.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදය සම්බන්ධයෙන්ද ඔහු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
එම සෑම ලිපියකම ඔහු දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඇමැතිවරයාගේ බලපෑම් එල්ලවී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart