February 8, 2026

අද (8) දහවල් තල්දූව අමිතිරිගල ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මාරක රිය අනතුරක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

ගැටීමෙන් පසු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති අතර යතුරුපැදිය ගිනිගෙන ඇත.

තුවාලකරුවන් වහාම අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තිදෙනෙකු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා සඳහන් කරයි.