
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයින පුරා වන රක්ෂිතවලට අයත් ඉඩම් අක්කර තුන් ලක්ෂ තිස් දෙදහසක (3,32,000) ප්‍රමාණයක් කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රභූවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල පිරිස්වලට වගා කටයුතු සහ නොයෙකුත් ව්‍යාපෘති වෙනුවෙන් නිදහස් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි.
වන රක්ෂිතවල ඉඩම් මෙලෙස විවිධ පුද්ගලයන් සඳහා නිදහස් කිරීමෙන් රටේ පරිසරයට බරපතළ තර්ජනයක් ඇතිවන බව එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසයි.
පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart